Home අද අයහපත් කාලගුණයෙන් තවත් විභාග දෙකක් කල් දැමේ

අයහපත් කාලගුණයෙන් තවත් විභාග දෙකක් කල් දැමේ

36
0

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවත් විභාග දෙකක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව දෙසැම්බර් එක වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ නීති විද්‍යාල පොදු ප්‍රවේශය විභාගය ( 2024) කල් දමා තිබේ.

දෙසැම්බර් මස දෙවැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන කඩඉම් විභාගය කල් දමා ඇත.

මෙම විභාග නැවත පැවැත්වීමේ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් අපේක්ෂකයන් වෙත දැනුම් දෙනු ලබයි.

Previous articleසන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් පත්‍රයක්
Next articleමන්ත්‍රී නිල නිවාස වලට 80ක් පෝලිමේ – මාලිමාවෙන් 60කට ආසන්න අයඳුම් පත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here