Home අද මහවිරු සැමරුම ගැන ඇමතිගේ ප්‍රකාශය විකෘති කරලා !

මහවිරු සැමරුම ගැන ඇමතිගේ ප්‍රකාශය විකෘති කරලා !

113
0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල උතුරේ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රවෘත්තියක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.

එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්, ලාංඡන සහ ඡායාරූප යොදා ගනිමින් මියගිය සාමාජිකයන් සැමරීමට බාධාවක් නොමැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

කෙසේවෙතත් එලෙස ප්‍රචාරය වන්නේ අමාත්‍ය ආනන්ද විජේපාල මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශනයක් බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නිත්‍යානුකූලව සිය ඥාතියෙකුගේ මියයාම සැමරීමට ඕනෑම අයෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් සිදු කිරීමට ඉඩකඩක් නොමැති බවයි.

එල් ටී ටී ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ භාවිත කිරීමට ඉඩකඩ නොමැති බවත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් බවත් අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Previous articleකාර්යාංශයේ ගෝනි සෙල්ලම් නිසා ඉදිරියට E8 වීසා අහිමිවීමේ අවධානමක් : මනූෂගෙන් නිවේදනයක් !
Next articleපණ බේරගන්න මේ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here