Home අද අනුරගේ තවත් පොරොන්දුවක් කඩවෙයි : මේ වසරේ විදුලි බිල අඩු වෙන්නේ නෑ...

අනුරගේ තවත් පොරොන්දුවක් කඩවෙයි : මේ වසරේ විදුලි බිල අඩු වෙන්නේ නෑ !

9
0

මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කාලය දීර්ඝ කරන ලෙස දිගින් දිගටම ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීම් කිරීම මෙයට හේතු වී තිබෙන බවත් වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නව යෝජනාවලිය සකස් කිරීම සඳහා අතිරේක සති දෙකක කාලයක් විදුලිබල මණ්ඩලයට නිල වශයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණේ මූලික ගාස්තු සංශෝධන සැලැස්මේ යෝජනා කර ඇති අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවයි.

එසේම, පවතින කොන්දේසි මත පදනම්ව, මුලින් යෝජනා කළ ප්‍රමාණයට වඩා විශාල තීරු බදු අඩු කිරීම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වාදී තිබිණ.

එහි ප්‍රතිඵලයක් ලෙස නව යෝජනාවක් සකස් කිරීමට විදුලිබල මණ්ඩලයට නොවැම්බර් මස 08 වැනිදා සිට සති දෙකක කාලයක් ලබාදී තිබිණ.

සංශෝධිත යෝජනාව ඊයේ (22) දිනට නියමිතව තිබුණද, එය සම්පූර්ණ කිරීමට තවත් අමතර සති දෙකක කාලයක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට නිල වශයෙන් දැනුම් දී ඇත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරන්නේ මේ වසරේ දී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය නොහැකි බවයි.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක ප්‍රසිද්ධියේ සඵත කර සිටියේ තම පාලනයක් යටතේ ඉතාම කෙටි කාලයක් තුළ විදුලි බිල දැනෙන ලෙස අඩුකර පෙන්වන බවයි. අනුර දිසානායක ජනාධිපතිව මාස දෙකකුත් දින කිහිපයක් ගතවී ඇතත් ඔහු සඳහන් කළ ඉතාම කෙටි කාලය තවමත් උදාවී නැත.

Previous articleරජයේ නිල නිවාස 5කට ඉබි යතුරු දමා මන්ත්‍රීවරු රටින් ගිහින්
Next articleරුහුණට හරිනිගෙන් නිසි බලධාරියෙක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here