Home අද අශෝක රංවල කතානායක ධුරයට

අශෝක රංවල කතානායක ධුරයට

76
0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.

දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තේරී පත්විය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ යෝජනාවෙන් සහ අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිර කිරීමෙන් අශෝක රංවල මහතා නිතරඟයෙන් දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්විය.

UPDATE…

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය මහා උත්සව සභාවකින් තොරව චාම් ලෙස අද පෙරවරු 10.00 ට ආරම්භ විය.

අභිනව කථානායකවරයා පත්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත්කර ගැනීම සිදුවිය. අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා ඔහුගේ නම යෝජනා කළ අතර අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය විසින් එම නම ස්ථිර කළාය .

නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමමාලි වීරසේකර මහත්මිය පත් කර ගනු ලැබීය.

සභානායක ධූරය සඳහා බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්වූ අතර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.

Previous articleවිදුලි ගාස්තු අඩුවෙයි ද ? IMF සාකච්ඡා අද
Next articleඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිට වංචා චෝදනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here