Home අද රවීට මෙච්චර ආරක්ෂාවක් දුන්නේ ඇයි? (VIDEO)

රවීට මෙච්චර ආරක්ෂාවක් දුන්නේ ඇයි? (VIDEO)

11
0

නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට රවී කරුණානායක මහතාගේ නම බලහත්කාරයෙන් ඇතුළු කරගෙන ඇති බවට එම පක්ෂයේ පිරිස් චෝදනා කරමින් පසුබිමක එම නිවස ඉදිරිපිට කලබලකාරී සිදුවීමක් වෙතැයි සැකය මත මෙලෙස පොලිස් ආරක්ෂාව යොදා ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නව රජය පත්වීමත් සමඟ මැති ඇමතිවරුන්ගේ අමතර ආරක්ෂාව ඉවත්කිරීමට කටයුතු කල අතර එම පසුබිමේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල එකඟතාවයකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයකු ලෙස පාර්ලිමේන්තුවට ඇතුලත් රවී කරුණානායක මහතාට දැඩි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හාස්‍යට ලක් කර ඇත.

ඒ මහතා මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ එවකට හිටපු මුදල් අමාත්‍යවරයා වේ.

Previous articleනව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
Next articleසිලින්ඩරේ රැස්වීමට හදිසියේම රවී එයි. වෙච්ච දේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here