රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන සංගම් විසින් අද (19) විරෝධතා උද්ඝෝෂණයක් සමඟ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේනව එකී තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්ය.
ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අද විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසළට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරතව ඇත.
මෙහිදී එම පාර්ශ්ව චෝදනා කර සිටින්නේ වත්මන් උපකුලපතිවරයා වසර ගණනක සිට රුහුණු විශ්ව විද්‍යාලය දැඩි පරිහානියට පත්කරමින් සිටින බවයි . එබැවින් ඔහු වහා තනතුරෙන් ඉවත් කළයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ද එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ එකමුතුව රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් දක්වා උප කුලපතිවරයාට වහා ම ඉවත් වන ලෙස බල කළ අතර එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කෙරිණ . මේ වන විට මහ මැතිවරණය අවසන්ව ඇතත් තවමත් උපකුලපතිවරයා සිය ධූරයේ රැඳීසිටීමට විරෝධය දක්වමින් ආචාර්ය මණ්ඩලය දියත්කළ වර්ජනයට අනධ්‍යන කාර්ය මණ්ඩල සහායද හිමිව තිබේ.
අදාළ බලධාරීන් තමන්ගේ ඉල්ලීම සම්බන්ධව අවධානය යොමු නොකළහොත් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යාම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන සංගම් නියෝජිතයන් පවසයි.