Home අද කතානායක ධූරය පළපුරුදු නිහාල්ට ?

කතානායක ධූරය පළපුරුදු නිහාල්ට ?

202
0

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පත් කිරීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එළඹෙන නොවැම්බර් 21 වනදා විවෘත වන නව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ යෝජනා ස්ථිරත්වයෙන් ඒ මහතා පත්කර ගැනීම ආණ්ඩු පාර්ශ්වයේ තීරණය වී තිබේ.

නොවැම්බර් 14 පැවති මහ මැතිවරණයේදී මනාප 125983ක් ලබාගැනීමට නිහාල් ගලප්පත්ති සමත්වූ අතර ඒ වන විට ඔහු ජාතික ජනබලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙස ද කටයුතු කළේය.

1994 වසරේදී ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමත් සමඟ මැතිවරණ ප්‍රවාහයට එක්වූ ආරිය බුලේගොඩ ගේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට ද නිහාල් ගලප්පත්ති සමත් වූ අතර පසු කාලීනව චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ධීවර කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ පළපුරුදු දේශපාලනඥයෙකි.

Previous articleරවී පක්ෂයෙන් දොට්ට දැමීමට සූදානම් – මන්ත්‍රීකමත් අහිමිවෙන ලකුණු
Next articleදකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here