Home අද මාලිමාවේ 43 ක් පාර්ලිමේන්තුවේදී විපක්ෂයට

මාලිමාවේ 43 ක් පාර්ලිමේන්තුවේදී විපක්ෂයට

13
0

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්ව ජයග්‍රහණය කර තේරී පත් වූ මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුට පමණක් වීමයි. ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් ගැන්වීමට නියමිතව ඇත.

එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට මැතිසභයේ අසුන්ගෙන් ගැනීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ඊට පසුව විධිමත් ආකාරයට අන්සුන් පැනවීමට පාර්ලිමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

Previous articleනාමල් ට අසාධාරණයක් වෙලා – පක්ෂ ක්‍රියාකාරීන් ජනපති හමුවෙන්න යයි
Next articleසිලින්ඩරයෙන් රවී ඇතුලේ : අනිත් සිලින්ඩරය පස්සේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here