Home අද පුංචි ඡන්දයට වැඩ ඇරඹෙයි

පුංචි ඡන්දයට වැඩ ඇරඹෙයි

10
0

මහ මැතිවරණය අවසන් වීමත් සමඟ මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වන අතර මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බව ද වාර්තා වෙයි.

එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

Previous articleඅපිට මෙවැනි බලයක් දුන්නේ දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන්න අපේක්ෂාවන් ඉටුකරන්න – ජනපති
Next articleරාජාසන කතාවේ නැකත වෙනස් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here