Home අද ආරුගම්බේ ප්‍රදේශයට නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම ඊශ්‍රායලය ලිහිල් කරයි

ආරුගම්බේ ප්‍රදේශයට නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම ඊශ්‍රායලය ලිහිල් කරයි

39
0

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය.

The Times of Israel පුවත්පත වාර්තා කළේ අමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ පසුගිය සතියේ ගොනුකර තිබූ පෙත්සමක සඳහන් ව ඇත්තේ ෆාර්හාඩ් ශකාරී නම් ඇෆ්ඝන් ජාතිකයෙක් ඉරාන බලධාරීන් විසින් එම ප්‍රහාරය මෙහෙයවීම සඳහා යොදවා තිබූ බවයි.

එම පුවත්පතට අනුව ඔහු පවසා ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබු බවයි.

ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය ඊශ්‍රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

Previous articleඋදෑසන 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
Next articleපාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණයට නිරීක්ෂකයින් 10,000 අධික පිරිසක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here