Home අද මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

70
0

මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක කටයුතු කරන ඡන්ද අයැදීම කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසනවා.

නිහඬ කාලයේ දී ඡන්ද ආයාචනා කිරීමට ගෙන් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මහ මැතිවරණ ඡන්ද විමසීම ලබන 14 වැනිදා ආරම්භ වෙයි.ඡන්ද පොළට සාමකාමීව ගොස් ඡන්දය පාවිච්චි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දින මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිසිය කටයුතු යොදා ඇත. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Previous articleසොරකම් කළ සෑම සතයක්ම ජනසතු කරන්න ගන්නේ මාස හයයි – නලින් හේවගේ
Next articleඡන්ද උණුසුමේ මෙරටට එන IMF නියෝජිතයෝ පැමිණෙන හේතුව මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here