Home අද ඡන්ද උණුසුමේ මෙරටට එන IMF නියෝජිතයෝ පැමිණෙන හේතුව මෙන්න

ඡන්ද උණුසුමේ මෙරටට එන IMF නියෝජිතයෝ පැමිණෙන හේතුව මෙන්න

59
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)නියෝජිතයින් පිරිසක් සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත අතර මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුකර ඇති මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙහිදී සිදුකිරීමට නියමිතව ඇත.

IMF හා ශ්‍රී ලංකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යාමට වත්මන් ආණ්ඩුව සූදානම් බව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග වොෂින්ටන්හි පැවති සාකච්ඡාවලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා දැනුම් දී තිබුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විස්තීර්ණ ණය පහසුකම යටතේ තෙවන සමාලෝචනය සිදුකිරීමට නියමිත අතර එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව සදහා වන සිව්වන වාරිකය නිදහස් කිරීමට නියමිතයි.

Previous articleමැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Next articleයුධ ගැටුම් වර්ධනය නොකරන්න – ට්‍රම්ප්‍, පුටින්ගෙන් ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here