මෙරටින් සොරකම් කරන ලද සෑම සතයක්ම මාස හයක් ඇතුළත ජන සතු කරන බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා පවසනවා.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පැවති ජාතික ජන බලවේලයේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
මැතිවරණ සමය හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය කරන පත්කිරීම් සිදුකිරීමට නොහැකි බවද පැවසූ ඔහු නව පත්කිරීම් සදහා මැතිවරණ කොමිසම අවසර නොදෙන බවත් කියා සිටියා.
අවශ්‍ය තැන් වලට පත් කළ යුතු සුදුසු දක්ෂයන් සිටිනා බවත් මැතිවරණයෙන් පසු එම පත් කිරීම සිදුකර මෙම සොරකම් කරන සියලු ධනය ජන සතු කරන බවත් ඔහු වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.