Home අද පාසල් අධ්‍යාපනයේදී සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයට සීමා පනවයි

පාසල් අධ්‍යාපනයේදී සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයට සීමා පනවයි

44
0

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනයට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සීමාවන් පිළිබඳව සියලුම අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් 08 වැනිදා ක්‍රලේඛයක් නිකුත් කෙරිණි .

කොවිඩ් සමයේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගත් වට්ස් ඇප්, වයිබර් සහ ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් තවමත් භාවිතා වන අතර එමගින් සිදුවන හානි පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වී ඇති බැවින් මෙම සීමා පනවා ඇත.

ඒ අනුව පාසල් ප්‍රධානීන් එම සන්නිවේදන සමූහයන්හි පරිපාලකයන් ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණයෙන් ගුණාත්මකව ඒවා පවත්වා ගත යුතුවේ.

විෂය නිර්දේශ ආවරණය කිරීමට හෝ සුහුරු තාක්ෂණ පහසුකම් නැති දරුවන් අපහසුවට ලක්වන පරිදි මෙම සමූහ භාවිතා නොකළ යුතුවේ.

ප්‍රාථමික අංශයේ සිසුන් විසින් නිවසේදී කලයුතු පැවරුම් හා අභ්‍යාස ලබාදීමටද මෙකී සමූහ යොදා නොගත යුතු අතර සිසුන්ගේ පුද්ගලිකත්වයට හා මානසිකත්වයට පීඩා දිය හැකි පණිවුඩ,වීඩියෝ,ඡායාරූප ,හඬපට නිවේදන මෙම සමූහවලට යොමු කිරීම විනය පියවර ගැනීමට හේතුවක් වන බවද චක්‍රලේඛය මගින් අවධාරණය කරයි.

මේ සමූහයන්ට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් පවත්වාගෙන යන යෙදවුම් සමූහ මගින් පාසලට ,දරුවන්ට ,ප්‍රජාවට වියහැකි හානි ඒවායේ පරිපාලකයන් විසින් දැරිය යුතුවේ.ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවලට රටේ පොදු නීතිය හා තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ

Previous articleකාලගුණයෙන් තද වැසි පිළිබඳව රතු නිවේදනයක්
Next articleඅපේ සටන පටන් ගන්නේ 14 වැනිදායින් පසුවයි – හිටපු ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here