Home අද IMF එක්ක වැඩකරන හැටි දන්නේ නැත්නම් සීයාගෙන් අහන්න – හිටපු ජනපති

IMF එක්ක වැඩකරන හැටි දන්නේ නැත්නම් සීයාගෙන් අහන්න – හිටපු ජනපති

100
0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන ජනාධිපති අනුර කුමාර දිසානායකට තේරෙන්නේ නැත්නම් සීයාගෙන් අසා දැනගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“පාර්ලිමේන්තු ඡන්දයේ වැදගත්ම අංශය ආර්ථිකයයි. අපි IMF සමග වැඩසටහනක් ඇතිකරා. දැන් ඒක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා පැවැසිය යුතුයි. නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කරනවාද කියලා ඔහු කිව යුතුයි. ඔවුන් දෙපාරක් සාකච්ඡා කලා IMF සංවිධානය සමග.

ජනාධිපතිවරයා ඊයේ කිව්වා අපිට නොවැම්බර් වනවිට තුන්වැනි වාරිකය ලබාගත හැකියි කියලා. ඒක තමයි ආර්ථිකය ස්ථාවර කරන්න යොදාගෙන තියෙන සැලැස්ම කියලා ඔහු කියනවා.

දැන් තුන්වැනි වාරිකය ගැන සාකච්ඡා කරන්නේ නොවැම්බර් මාසේ. එවර එකඟ වුණොත් එන අවුරුද්දේ ලබා ගන්න පුළුවන්. නැත්නම් මේ අවුරුද්ද අවසානයේදී. එකඟ වෙන්නේ නැත්නම් මොකද කරන්නේ. ඒ නිසා රටට කියන්න ඕනේ මොකක්ද තමන් ගත්ත ස්ථාවරය කියලා”

Previous articleහිටපු ඇමතිගේ සුපිරි සාදය මැතිවරණ නිලධාරීන් තහනම් කරයි
Next articleලබන සතියේ දින දෙකක් පාසල් වැසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here