Home අද අල්ලස් ගත්තු හිටපු නියෝජ්‍ය ඇමතිට වැඩ වැරදියි

අල්ලස් ගත්තු හිටපු නියෝජ්‍ය ඇමතිට වැඩ වැරදියි

66
0

රැකියාවක් ලබාදීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 50000 අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියායචනා අධිකරණය අද 05 තහවුරු කළේය.

කාන්තාවකගේ පුත්‍රයෙකුට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන බව පවසා නියෝජ්‍ය ඇමතිවරයා එම කාන්තාවගෙන් රුපියල් 50000 ලබා ගැනීම සම්බන්ධව චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි. දිගු කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු 2017 වසරේ නොවැම්බර් මස 02 වැනිදා අදාළ චෝදනාවට නියෝජ්‍ය ඇමතිවරයා වරදකරුකරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එම තීන්දුවට එරෙහිව නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතා අභිහාචෙනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා මහා අධිකරණ නඩු විභාගයේදී සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලිකරු අසමත්ව ඇති බවයි.

ඒ පිළිබඳව සලකා බැලීමෙන් පසු විත්තිකරුට එරෙහිව මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ දඬුවම තහවුරු කරන බවත් ඊට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභා කරන බවත් නඩු තීන්දුවේ සඳහන් කොට ඇත.

Previous articleඅනුර දිසානායක රටේ ජනාධිපති වුවත් හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ – අනුරාධ ජයරත්න
Next articleකෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් බෝකුන්දරදී අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here