Home අද IMF ණය මුදලේ හතරවැනි වාරිකය ගැන ඇහෙන අලුත්ම කතාව

IMF ණය මුදලේ හතරවැනි වාරිකය ගැන ඇහෙන අලුත්ම කතාව

16
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ හතරවැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ලබා ගැනීම ලබන වසරේ මැයි මාසය පමණ වනතෙක් කල් යනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

නව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ජනාධිපතිවරයා සමගත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමගත් මේ වන විට සාකච්ඡාවට දෙකක් පවත්වා තිබේ.

2025 වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් නොකිරීම තෙවන සමාලෝචනය අවසන් නොවීම වැනි හේතූන් නිසා මීළඟ ණය වාරිකය ලබාගැනීම එලෙස තවදුරටත් කල් යනු ඇති බව ඉහත නිලධාරියා සඳහන් කළේය හතරවැනි ණය වාරිකය ලබාගැනීම අනපේක්ෂිත ලෙස කල් යෑමෙන් නව රජයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

Previous articleප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇන්දට මාලිමාවේ නායකයන්ට තාම ඒවා ‘ෆිට්’ වෙලා නෑ – හිටපු ජනපති
Next articleමතීෂට රුපියල් කෝටි 45 ක් – IPL 2025 සඳහා CSK නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස රඳවා ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here