Home අද රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු එන්නේ නෑ

රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු එන්නේ නෑ

566
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි දේශපාලන බලවේග සඳහා නායකත්වය ලබා දෙනු ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විජයවර්ධන මහතා මේ බව කියා සිටියා.

ජාතික ලැයිස්තුවෙන්වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ජාතික ලැයිස්තුවෙන් වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑනු ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව
ඉටුකරන බවය.

Previous articleතනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නේ නැහැ – ජනපති
Next articleLPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here