Home අද ඉන්දියාව දැන් වෙනස් වෙලා – ඉස්සර අපි සටන් කළා කියලා දැන් තරහින්...

ඉන්දියාව දැන් වෙනස් වෙලා – ඉස්සර අපි සටන් කළා කියලා දැන් තරහින් ඉන්න ඕනෑ නෑ – දේශපාලනය කියන්නේ ඒකයි – ටිල්වින්

179
0

ඉන්දියාවට රට පාවා දුන් බවට පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනදහිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගොස දෙරටටම වාසිදායක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත් එහිදී කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති මෙරටට පැමිණ දින දෙකක කාලයක් මෙරට නැවතී තවත් එවැනිම දෙරටටම වාසිදායක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත් ඒ මහතා කියා සිටියා.

ඉන්දියාවට ශ්‍රී ලංකාව “දෙන්න හිටියේ නිකන්. හෝල්සේල්, වෙනස් කළේ අපි” බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට එරෙහිව සටන් කලත් දැන් ඉන්දියාව වෙනස් වී ඇති බැවින් තවමත් තරහින් සිටිය යුතු නැති බව කියා සිටි ඒ මහතා “ප්‍රශ්නයක් ආවා. අපි සටන් කළා. දැන් ඒක ඉවරයි.දැන් අපි මිත්‍රකමින් ඉන්න ඕනේ එකනේ දේශපාලනය කියන්නේ” යනුවෙන් ඒ මහතා කියා සිටියා.

Previous articleදේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත්කරන යෝජනාව අද පාර්ලිමේන්තුවට
Next articleශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැටතුන්දහස් එකසිය හැත්තෑවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here