Home අද නැවතත් දිගු පෝලිම්

නැවතත් දිගු පෝලිම්

656
0

ජනාධිපතිවරණයට පැය 24 ටත් අඩු කාලයක් තිබියදී මේ වනවිට අත්‍යාවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගැනීමට රටපුරා දිගු පෝලිම් ඇතිව තිබෙන බව වාර්තාවේ.

ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ඉදිරි සතියේ ලබා දීමට නියමිත අතර ඒ අනුව මූල්‍ය අරමුදල මගින්ල බාදෙන මීලග ණය වාරිකය ලබා දීම සිදුවනු ඇත.

නමුත් මෙවර බලයට පත්වන බව පවසන ජානාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම ඔවුන් බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම සමාලෝචනය කරන බව ප්‍රකාශ කර තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිල ඉහළ යාමේ සැකයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී බඩුමිල ඉහළ යා හැකිබවට සැක මතුවීමත් සමඟ මෙලෙස රටපුරා දිගු පෝලීම් ඇතිවී ඇතැයි අනුමාන කළහැක

දෙවසරක් පුරා පැවති ආර්ථික හා සමාජ දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටේයැයි සැකකරමින් නැවතත් පෝලිම් යුගයක් ඇතිවීම කණගාටුවට කරුණකි.

Previous articleනාමල් + සජිත් + මාධ්‍ය නාලිකාවක් එකතු කරලා ගහපු ගේම ෆේල් බැසිල් රටින් පනී.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here