Home අද 21 තියෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්දයක් – රාජිත

21 තියෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්දයක් – රාජිත

840
0

තවත් දින 08 න් එළැඹෙන 21 දාට පැවැත්වෙන්වෙන්නේ ජනාධිපතිවරණයක් නොව යුද්දක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

බේරුවල පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජන හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසුයේ මෙය ජයග්‍රහණය කළ යුතුම යුද්දයක් බවයි. වැදු මවටත් භුමියටත් දෙවියන්ට වඩා සැලකිය යුතු බවත් මව්බිමට සැලකීමේ දිනය එළමෙව 21 දා උදාවන බැවින් එය අමතක නොකරන ලෙසද සේනාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය,

“21 තියෙන්නේ යුද්ධයක්. එදා මහින්ද එක්ක අපි එකතු වුණා ආයුධ වලින් කරපු යුද්ධය ජයග්‍රහණය කරන්න. මේ යුද්දය ජයග්‍රහණය කරන්න අපි රනිල් එක්ක එකතු වෙන්නේ මේ යුද්දයේ ආයුද තමයි ඩොලර් රුපියල් ශත. මේ යුද්දය පැරදුනොත් එදා යුද්දයට වඩා මිනිස්සු දහස් ගණකක් මිය යනවා මේ රටේ.  අපි දේශපාලනයට අවේ රටත් මිනිස්සුත් වෙනුවෙන්. ඒ නිසා අපිට පක්ෂ වැඩක් නැහැ නායකයෝ වැඩක් නැහැ.  21 දා පැවැත්වෙන යුද්දය ජයග්‍රහණය කිරීමට තීන්දුව අපි ගත යුතුයි. වැදූ මවත් වැදූ භුමියටත් දෙවියන්ට වඩා සැලකිය යුතුයි. ඒ නිසා වැදු භුමිතයට 21 දා සලකන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. 21 දා ඔබ කතිරෙ ගහන්නේ රනිල්ට නොවෙයි තමන්ටයි. තමන්ගේ අනාගතය වෙනුවෙන්මයි.” යැයි ප්‍රකාශ කළේය.

Previous articleඅභියෝගයට දින 03 යි – හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් තවම පිළිතුරක් නැහැ
Next articleජනපති රනිල් 50% ඉක්මවයි – අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here