Home අද “රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර...

“රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර සර්ව ආගමික නායකයින් වෙත පිළිගන්වයි

1041
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා එළිදැක්වූ ඉදිරි “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදා දීමට ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත හා රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වෙත පූජා කිරීම හා අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකතුමන්ට හා අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර පියතුමන් වෙත පිළිගැන්වීම ඊයේ (05) සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතාද සහභාගී වී සිටියහ.

May be an image of 6 people, temple and text

May be an image of 10 people and temple

 

අනුරාධපුර දිස්ත්‍රික්කයම නියෝජනය වන ලෙස පනස් නමකට ආසන්න මහා සංඝරත්නය සමඟින් දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේදී අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විත මෙම ප්‍රථිපත්ති ප්‍රකාශනය පළමුවෙන් පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය හා දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිස විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වෙතද පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය දුමින්ද දිසානායක මහතා විසින් පිළිගැන්වීය.

May be an image of 6 people, temple and text

May be an image of 5 people and temple

May be an image of 12 people and temple

එහිදී අදහස් දැක්වූ රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන්,

හැම රජයකින්ම අපි ඉල්ලන්නේ,උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය අපි ගොඩක් මහන්සි වෙලා පටන් ගත්ත එකක්, ඒ මඟින් කෘෂි හෙක්ටයාර 48 000 ක් වගා වෙනවා උතුරු මැද පළාතේ, ඒ වගේම එල්ලංගා ව්‍යාපෘති 137 ක් ක්‍රියාත්මක වෙනවා, වැව් 1200ක් වතුරෙන් පිරෙනවා, මේ මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියන්නේ වෙන දෙයක් නෙමෙයි, කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන උතුරු මැද පළාතට යුද්ධය දිනුවා හා සමානයි මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අද ගාමන්ට් ඔක්කෝම වැහිලා තියෙන්නේ.ඒවා අපි ගොඩගන්න ඕන, මොකද හේතුව අද කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය සියලු ගාමන්ට් කොරෝනා වෛරසය නිසා රට අවුරුදු දෙකක් වහලා තිබුණා, ඩොලර් ආවේ නෑ, ආයෝජකයෝ ආවේ නෑ, ව්‍යවසායකයෝ ආවේ නෑ, ඒ නිසා අපේ විනිමය අනුපාතය, ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනය පිළිබඳව හිතන්නවත්, කල්පනා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑ, ඒ නිසා ඒක කල්පනා කරලා, ඒ සඳහා කටයුතු කරපු රජයට අපි ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විශේෂයෙන්ම අපිට අනුරාධපුරයට සම්පත් නෑ, සම්පත් විදිහට තියෙන්නේ පොස්පේට් නිධිය, සිලිකා වැලි නිධිය තියෙනවා, අටමස්ථානය තියෙනවා.අටමස්ථානය නිසා තමයි විදේශිකයෙක් නැත්නම් බැතිමතෙක් හරි මේ නගරයේ සැරි සරන්නේ, ඒ නිසා තමයි මේ හෝටල් තියෙන්නේ, ව්‍යාපාරිකයෝ ජීවත් වෙන්නේ මේ අටමස්ථානය නිසා, නමුත් මේ අටමස්ථානයට හම්බෙන බොහෝ දේ ජාතික ධනයට එකතු වෙනවා, ප්‍රාදේශීය ධනයට එකතු වෙන්නේ නෑ, පොස්පේට් එකත් එහෙමයි, ජාතික ධනයට තමයි එකතු වෙන්නේ, ප්‍රාදේශීය ධනයට එකතු වෙන්නේ නෑ, ඒ වගේම දියුණු කරන්න ඕන රජරට විශ්ව විද්‍යාලය, මේ පළාතට තව භාෂා පීඨයකුත් ආරම්භ කරන්න ඕන, අපි දැන් විද්‍යා හා තාක්ෂණ පීඨයක් ආරම්භ කරලා ඒක දැන් හෙට අනිද්දාට, විවෘත කරනවා.රජවරු 104 දෙනෙක් රජකම් කරපු මේ පළාතට පවතින හැම රජයකින්ම සහයෝගයන් ලබා දෙන්න ඕන, ඒකට හේතුවක්, විශේෂත්වයක් වෙන්නේ, මේ පළාත 35 අවුරුදු යුද්ධයක අනන්ත, නොවිඳිනා දුක් වින්දා.ගහට- කොළට, විලට, සතාට-සිව්පාවාට ආදරය කරන මිනිස්සු ඉන්න, වැව් බැඳි රාජ්‍යයේ වැව් එක් දහස් ගණනක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු අද කෘෂිකර්මාන්තයෙන් ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා, අද වර්ථමානයේ ස්මාර්ට් ගොවියෙක් නිර්මාණය කරන්න ඕන තත්වයට පත් වෙලා තියෙනවා, ඒ නිසා ගොවියන් දිරි ගැන්වීම, වගේම රට අතහැර වෘත්තීන් වලට යන ගොඩක් දුක් ගැනවිලි වල ඉන්නවා, ඒ අය ගැන බලන්න ඕන.

මැතිවරණයක් කිව්වාම රටේ ජනාධිපති කෙනෙක් තෝරන කොට ගොඩක් බුද්ධිමත්ව, ඉවසීමෙන්, දරාගැනීමෙන්, පෞද්ගලික කාරණා හිතන්නේ නැතිව රටක ජනාධිපතිවරයෙක් තෝරන්න වෙනවා. ගොඩක් බුද්ධිමත්ව, කල්පනා කරලා බලලා තමයි ඒ තීරණය ගන්න ඕන, නැත්නම් අවුරුදු 05 ක් තමන් ගත්ත තීරණය හෘද සාක්ෂියට එකඟ නෑ කියලා දුක් විඳින්න සිද්ධ වෙනවා.

ඉදිරි අනාගතයේදී බටහිර, යුරෝපය, ඇමරිකාව නෙමෙයි, ආසියාව තමයි ලෝකයේ හැම දෙයක්ම තීරණය කරන්නේ.ඒ තරමට ආසියාව ප්‍රභල ආර්ථික තත්වයකට ගොඩනැගෙනවා.ඒ නිසා බාධක, කම්කටොලු එක එක රට වලට එනවා, ලොකු ආර්ථික බලවත්තු බවට පත් වෙන්නේ ආසියාව.අද ලෝකයේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔක්සිජන් හා ජලය, කෘතිම බුද්ධිය හා සෞඛ්‍ය. අද ගොඩක් වෙලාවට ගත්තාම අපි මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන පරිසරය වගේම ආයුරුවේද ක්‍රම , බුදු දහම සම්බන්ධයෙන් මිනිස්සු ගවේෂණ පර්යේෂණ, නිරීක්ෂණ කරන්න පටන් අරන් තියෙනවා.අද පිරිත ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ලෝකයේ, ජපානයේ එක විද්‍යාඥයෙක් ඒ ගැන පර්යේෂණයක් කරලා වාර්ථාවක් එළිදක්වලා තියෙනවා, ඒ වාර්ථාව වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා.ඒ වගේම විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙන දරුවන් පිළිබඳව යම් කිසි තීන්දු තීරණ ගන්න වෙනවා, සිටි කොලේජ් වගේ ඒවා ආරම්භ කරලා, මහා දැවැන්ත කොල්ලෝ රට අතහැර යනවා, මම දැකලා තියෙනවා අර විදේශ කටයුතු අමාත්‍යංශය ගාව පිරිලා ඉන්නවා.ඒවා එක එක උපක්‍රම වෙන්නත් පුලුවන්, රට යන ළමයින්ට , රට පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් යොදන්න ඕන තරුණ දේශපාලඥයෝ හැටියට.

අනතුරුව දුමින්ද දිසානායක මහතා, මහා සංඝරත්නය සමඟින් රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක්ද පැවැත්වූහ.

ඉන් අනතුරුව අටමස්ථානයට අයත් සියලු විහාරස්ථානයන්හී නාහිමිවරුන්ට මෙම ප්‍රථිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමෙන් අනතුරුව එම වැඩසටහන සඳහා වැඩම කර සිටි සෙසු භික්ෂූන් වහන්සේලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ගම් නියංගම් වල පිහිටි විහාරස්ථානයන් වෙත වැඩම කර, විහාරාධිපති හිමිවරුන් වෙත රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුම්වත් කිරීමේ වැඩසහටනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දැක්වූ වැඩම කර සිටි භික්ෂූන් වහන්සේලා,

සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත් වෙන ජනාධිපතිවරණයේදී, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ජාතික ප්‍රථිපත්තිය එළිදැක්වීම අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේට පිළිගන්වලා අපි ඒ කටයුත්ත ආරම්භ කළා, ඒ වගේම රත්නමාලී චෛත්‍යරාජයානන් වහන්සේ භාරව කටයුතු කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් පිළිගැන්වීමෙ කටයුත්ත මේ උතුම් පුණ්‍ය භූමියේදී ආරම්භ කරන්නට යෙදුනා.මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරලා, රජරට සියලු විහාරස්ථානයන් වෙත මෙම ප්‍රථිපත්ති ප්‍රකාශය පිළිගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.ලක් වාසී හැමදෙනාටම අපි ආරාධනා කරනවා තමන්ගේ ප්‍රදේශ වල විහාරස්ථාන වලට ගිහින් මේ ජාතික ප්‍රථිපත්තිය එළිදක්වලා, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රට භාර අරගෙන ක්‍රියාකරන, ඒ වගේම පුළුවන් ශ්‍රී ලංකා කියන මේ ප්‍රථිපත්ති ප්‍රකාශය මහජනතාව වෙතට අරන් ගිහින් මේ කරුණු පැහැදිලි කරලා දීලා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා.

මෙම වැඩපිළිවෙල පිළිබඳව අපි ස්වාමීන් වහන්සේලා අධ්‍යනය කරලා, අපි දිස්ත්‍රික්කයේ ස්වාමීන්වහන්සේලා ඒකමතිකව තීරණය කළා, ජනාධිපතිතුමන්ගේ, ජනාධිපතිවරණයේදී සියලු ස්වාමීන්වහන්සේලා එකට එකතු වෙලා මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී පෙනී සිටින්නට.අද සිට අටමස්ථානයේ සියලු විහාරස්ථාන වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන වලට අපි සියලු දෙනා වහන්සේලා වැඩම කර ප්‍රථිප්තති ප්‍රකාශන පිළිගන්වලා, උන්වහන්සේලාට මෙම කරුණු තේරුම් කර දෙන්න කටයුතු කරනවා යැයි පැවසූහ.

අනතුරුව වැඩම කළ ස්වාමීන් වහන්සේලා වෙත දානය පිළිගැන්වීම රුවන්වැලි සෑ විහාරස්ථාන දාන ශාලාවේදී සිදු කෙරුණි.

May be an image of 5 people and dais

May be an image of 6 people and text

ඉන් අනතුරුව දුමින්ද දිසානායක මහතා අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකතුමන්ට හා අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර පියතුමන් වෙත ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා එළිදැක්වූ ඉදිරි “රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීම සිදු කර අතර, එම පූජකතුමන්ලා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට, දුමින්ද දිසානායක මහතා වෙත ආශිර්වාද ලබා දීමද සිදු කළහ.

Previous articleපුතානෝලා දෙන්නා එකතුවෙලා අශුද්ධ සන්ධානයක් ගහලා -මනුෂ
Next article අනුර කුමාරත් දැන් අපේ මාර්ගයේම එනවා පේනවා – ඒගැන සතුටුයි  – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here