Home අද ස්මාර්ට් කෘෂිකර්මයක් හරහා රට අපනයන ආර්ථිකයකට යොමුකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ස්මාර්ට් කෘෂිකර්මයක් හරහා රට අපනයන ආර්ථිකයකට යොමුකරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

661
0

ස්මාර්ට් කෘෂිකර්මයක් ඇති කරමින් විදේශ විනිමය ඉපැයීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ආර්ථිකය අපනයන ආර්ථිකයකට පරිවර්තනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහියංගනයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය මේවනවිට ක්‍රමයෙන් යහපත් වෙමින් පවතින බවත් තවදුරටත් ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීවේය,

“රටේ අලුත් ආර්ථිකයක් ඇති කරන්න අවශ්‍යයි. මීට වසර දෙකකට පෙර තිබුණු තත්වයෙන් රට වෙනස් වෙලා තියෙනවා. ඔබ වින්ද දුක මම දන්නවා. තවත් අපි ජීවන වියදම සැහැල්ලු කරන්න අවශ්‍යයි. මේ වෙද්දි  බඩු මිල අඩුවෙලා තිබෙනවා. තවත් අඩුකරගන්න අවශ්‍යයි.  මේ ඡන්දය පවත්වන්නේ අපි මේ මාර්ගයේම රට ඉදිරියට  යනවද නැත්නම් වෙනස් වෙනවාද කියලා තීරණය කරන්න. මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබාදෙන්නයි අපි අද මැතිවරණයක් හරහා ඔබ ඉදිරියට ඇවිත් ඉන්නේ. බදු බර අඩු කරන්න අවශ්‍යයි. නමුත් එකවර ඒක කරන්න බැහැ. ටිකෙන් ටික කරන්න වෙන්නේ.  “පුළුවන් ශ්‍රී ලංකා”  වැඩපිළිවෙල අනුව අපි ඉදිරි වසර පහ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ස්මාර්ට් කෘෂිකර්මයක් ඇති කරන්න අපි සැලසුම්කරලා තිබෙනවා. සහල් එළවළු පළතුරු අපිට රට යවන්න පුළුවන්. අපනයනය ආර්ථකයක් අපි ඇතිකරන්න සැලසුම්කර තිබෙනවා. ඔබ වගාකරන්න අපි විකුණන්නම් ඔබට අපි මුදල් ලබාදෙන්නම්. මේ කිසිදෙයක් ගැන සජබ හෝ මාලිමාව කතාකරලා තියෙනවද?. එයාලා තවම කරන්නේ පරණ දේශපාලනය. අපි අලුත් දේශපාලනය කරන්නේ . අපිත් එක්ක එකතුවෙන්න කියලා මම සියලුදෙනාටම ආරාධනා කරනවා.  යැයි ප්‍රකාශ කළේය.

මහියංගණය “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුව සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , රාජ්‍ය දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුව සඳහා සහභාගී විය.

 

 

 

Previous articleදවස් ගණන් පෝලිම් වල හිටපු අපිට සහනයක් දුන්නේ රනිල් – ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් 4ක සහාය ජනපති රනිල්ට
Next articleසජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර දිසානායක පරාජය කරන්න බෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here