Home අද පොතුවිල් ජනතාවගෙන් ජනපති රනිල්ට උණුසුම් පිළිගැනීමක්

පොතුවිල් ජනතාවගෙන් ජනපති රනිල්ට උණුසුම් පිළිගැනීමක්

1145
0

අම්පාර දිස්ත්‍රික්කයේ ජනහමු සඳහා සහභාගීවීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ලැබිණි.  අද දිනයේ අවසන් ජනහමුව අම්පාර පොතුවිල් ප්‍රදේශයේ පැවති අතර ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගීවන විට එහි සියලු දෙනා ජංගම දුරකථනයන්හි විදුලි එළි දල්වමින් ඉතා උණුසුම් අන්දමින් ජනාධිපතිවරයා පිළිගැනීමට එම ජනතාව කටයුතු කළහ. එමෙන්ම ජනාධිපතිවරයා සමරු තිළිණ ලබාදීමට ද නැවත වරක් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීමටද ඔවුන් යෝජනා කළහ.

මෙම අවස්ථාවේ උත්සහසභාව ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය,

“බඩගින්නට ආගමක් නැහැ ජාතියක් නැහැ කුලයක් නැහැ. අපි සියලු දෙනා ශ්‍රීලාංකිකයින් හැටියට ඒගැන සිතිය යුතුයි. 2022 මැයි මාසය වන විට අපේ ජනතාව සිටියේ බඩගින්නේ. ආදායමක් නැතිව ප්‍රෙටල් ගෑස් නැතිව බලාපොරොත්තු රහිතව ජීවත් වුණේ. කන්න දෙකක් ගොවිතැන් කරලා තිබුණේ නැහැ. මම රට භාරගත්තේ මෙහෙම අවස්ථාවක. ජනතාව දුක්විදිනවා බලාගෙන ඉන්න මට බැහැ. රට භාරඅරගෙන මම මගේ වැඩකටයුතු කළා. එදාට වඩා අද සහන ලබාදීලා තියෙනවා. තවත් ප්‍රශ්න තිබෙනවා ජනතාවට . මම නැහැ කියන්නේ නැහැ. අපි රුපියල ශක්තිමක් කළා . තවත් කරන්න වැඩ තියෙනවා. එතකොට තමයි මිල අපිට දරාගන්න පුළුවන් වෙන්නේ. මිල අඩුකරනවා කියලා මම කියන්නේ නැහැ. රුපියල ශක්තිමත් කරනවා කියලයි මම කියන්නේ.් යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

 

 

Previous article ආපහු ගඟට පනිනවාද? ගොඩ යනවාද කියා තීරණය කරන්නේ ඔබ- ජනපති
Next articleසමීක්ෂණ මත පදනම්ව තම මතය වෙනස් කරන්න එපා – මැතිවරණ කොමිසම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here