Home අද ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුන ලකුණක් – ඉෂාක් රහුමාන්

ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුන ලකුණක් – ඉෂාක් රහුමාන්

559
0

ගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුන ලකුණක් බවත්, තරුණයන් භාර ගන්න බෑ කියා පැන යද්දි රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගත් බවත් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා

“මේක රට ආරක්ෂා කරන, රටේ ආර්ථිකය ආරක්ෂාව කරන මැතිවරණයක් බවට පත් කරගත යුතුයි. මේ මැතිවරණයේදී අප රටේ සහ අප වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතුයි. තමන්ගේ මන්ත්‍රී ධුරය පාර්ලිමේන්තුව ඇතුළේ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක විතරයි දැන් දේශපාලන පක්ෂ කල්පනා කරන්නේ. දේශපාලන වාසි වෙනුවෙන් රටේ ජනතාව පාරට ඇදදමන්න කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒක මේ රටේම අභා ග්‍යයක්. රනිල් හෝ සජිත් හෝ අනුර නෙවෙයි. අපේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ඡන්දය පාවිච්චි කළ යුතුයි.

බංග්ලාදේශයේ ආර්ථික දියුණු ඇති කලාට පරිපාලන දියුණු ඇති කරගන්නට ඇයට හැකියාව ලැබුණේ නැහැ. අද බංග්ලා දේශය හොයන්නේ රනිල් වික්‍ර-මසිංහ වගේ නායකයෙක්. තරුණයෙක් වුණාට වැඩක් තියෙනවද රටට වැඩක් නැත්නම්?

මෙය තේරුම් ගන්න ඕන. තරුණයන් භාර ගන්න බෑ කියලා පැනලා යද්දි අවුරුදු හැත්තෑවකට වඩා වයස මනුස්සයා මේ රට භාර ගත්තා. සිංගප්පූරුව වගේ රටක් දකින්න අවශ්‍ය නම්, ලීක්වාන් යූ වගේ නායකයෙකු දකින්න අවශ්‍ය නම්, අපි රනිල් වික්‍රමසිංහ ජනා ධිපති කරමු.

Previous articleබාර් බලපත්‍ර ගැන දයාසිරිගේ බොරුව අතේ පත්තු වෙයි
Next articleසජිත් – හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here