Home අද සජිත් හදිස්සි වැඩියි ස්වභාවධර්මයා විසින් රනිල්ගේ ජයග්‍රහණය තහවුරුකොට අවසන් – තලතා අතුකෝරාළ

සජිත් හදිස්සි වැඩියි ස්වභාවධර්මයා විසින් රනිල්ගේ ජයග්‍රහණය තහවුරුකොට අවසන් – තලතා අතුකෝරාළ

1671
0

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට මෙතරම් හදිසි වී ඇත්තේ මන්දැයි තමා නොදන්නා බවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම පිළිබඳ කණගාටුවෙන බවද ප්‍රකාශ කරමින් සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය අද(21දා) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළාය.

තමාට ජනවරමක් ලබාදුන් රත්නපුර ජනතාවට පටහැනි තීරණයක් ගැනීමට නොහැකි බැවින් ජනතාවගේද එකඟතාවයෙන් මෙම තීරණය ගන්නා බවද ඇය සඳහන් කළාය.

මේවනවිට සියලු දෙනා එකතුවීමට කටයුතු කරමින් සිටිදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ දෙදෙනාම බෙදී ජනාධිපතිවරණයට තරඟ කරන්න කටයුතු කිරීම පිළිබඳ තමාට සිතාගත නොහැකි බවඳ ඇය පෙන්වා දුන්නාය.

සිය සහෝදරයා වන ගාමිණි අතුකෝරළ මහතා දුෂ්කර තත්වයකදී පවා පක්ෂය බලයට පත්කිරීමට කැපු වු  කිසි දිනයක පක්ෂය හැර නොගිය නායකයෙක් බවද ඇය සිහිපත් කළාය.

එකට එකතුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදී ආරාධනා කළද එම ආරාධනා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ශේප කරන ලද්දේ කුමන කාරණයක් නිසාදැයි තමාට සිතාගත නොහැකි බවද තලතා මන්ත්‍රීවරිය පැවසුයේ සංවේදීවෙමිනි.

“අලියට එරෙහිව 1991 දී  ලලිත් ගාමිණී එකතුව රාජායලියා පක්ෂය ගොඩ නැගුවත් එය යතාර්තයක් කරන්න බැරිවුනා. නමුත් සමගි ජන බලවේගය ගොඩනැගුවාට පසුව තමයි සැබැවින්ම එජාපය පක්ෂය දෙකඩ වුණේ.  පක්ෂය දෙකඩ කිරීම ලොකු හපන්කමක් කලා සේ සිටියත් පක්ෂය දෙකඩ කිරීම ගැන මට කැමැත්තක් තිබුණේ නැහැ. මේ දෙදෙනා ගැනම මට හොද අවබෝධයක් තිබෙනවා.   මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට , සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මණින් ජනාධිපති වීමේ හදිසියක් තියෙනවාද කියා මට හි‌තෙනවා. නමුත් එයට ඉතිහාසයේ හොද පිළිතුරු ලබාදී තිබෙනවා. අපේ පක්ෂයේ විශිෂ්ටතම නායකයෙක් ජේ ආර් ජයවර්ධන මහත්මයා. එතුමා පක්ෂයේ නායකත්වය ගන්න අවුරුදු 30 ක් ඉවසුවා. එහෙම නැතිව නායකත්වය ගන්න තමන්ට නායකත්ව ගුණාංග තියෙනවාද කියලාවත් හිතන්නේ නැහැ. යළිත් වරක් ගෝඨභාය රාජපක්ෂ දෙවැනි කොටස රඟ දක්වන්නද මේ හදන්නේ කියලා මට හිතෙනවා. කෘතිම රැල්ලක් හදලා රටක් බංකොලොත් වෙලා ජනතාව අසරණ කරලා ගියපු ගෝඨාභය රැල්ල කියවන්න . එකම පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා දෙදෙනාම ජනාධිපතිවරණයේ තරඟකරුවෝ වෙලා. ඒක ඔලමොට්ටල වැඩක් නෙවෙයි ද?.

ඒවගේම රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ හොරු සමග  ආණ්ඩු කළ චෝදනාව අද අපිට පාරාවළල්ලක් වෙලා. අද ඒ හොරු රැලෙන් ඉවත්වන හොරු ටික අද සමඟි ජන බලවේගය වටා එකතු වෙලා. මේ නිසා සමඟි ජන බලවේගයේ මුලින් සිටි කණ්ඩායමේ සිත් රිදවීම් ඇතිවෙලා.  අපේ පක්ෂයේ සිටි ජේ.ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ කියන නායකයෝ තුන් දෙනාම බලය සඳහා ඉවසන්න කියන පාඩම අපිට කියලා දීලා තියෙනවා.  රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට මහත්මාට තව අවුරුදු පහක් ඉවසන්න තිබුණා. සජබට එකතු වෙන් සියලු දෙනා එකතුවෙන්නේ සජිත් ජනාධිපති කරන්න නෙවෙයි ඔවුන් ඊලඟ සැරේ පාර්ලිමේන්තු එන්න කියන කාරණය මම මතක් කරන්න කැමතියි. මේ නිසා මගේ හෘද සාක්ෂියට එකඟව මම අද මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙනවා.

Previous articleSJB සහ NPP “පොල් බූරුවෝ” ප්‍රසිද්ධ මාධ්‍යයේ බැනගනී
Next articleඇවිත් කරන්නම් කියන නායකයන්ට වඩා කරලා පෙන්නපු නායකයා හොඳයි – කංචනගෙන් මාලිමාවට අභියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here