Home අද ජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් කරනවා – සජිත්

ජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් කරනවා – සජිත්

580
0

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වූ පසු ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයන්ට ඉක්මන් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පත්කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නාවලපිටියේ පැවති ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ගම් නියම්ගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන සැප්තැම්බර් 22වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙසටමේ වනවිටත් ආයෝජකයන්ට පවසා ඇති බව ඒ මහතා කියා සිටියා.

“ජනාධිපති ලේකම් කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් බවට පත් කරලා ආයෝජනය කරන්නට එන ආයෝජකයින්ට ඉක්මන් අනුමැතියන් ලබාදෙන මධ්‍යස්ථානයක් කරනවා. ඒ සංකල්පය එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ ද ක්‍රියාත්මක වුණා.” සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleවිශාල ශබ්දයක් නැතිව ම නාමල් කැලණි යයි
Next articleඅප්‍රිකානු-ආසියාතික රටවල් එකතුවීමේ වැදගත්කම ගැන ජනපති කලාපීය නායකයින්ට පැවසු දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here