Site icon Newshub

ජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් කරනවා – සජිත්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වූ පසු ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයන්ට ඉක්මන් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පත්කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නාවලපිටියේ පැවති ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ගම් නියම්ගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන සැප්තැම්බර් 22වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙසටමේ වනවිටත් ආයෝජකයන්ට පවසා ඇති බව ඒ මහතා කියා සිටියා.

“ජනාධිපති ලේකම් කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් බවට පත් කරලා ආයෝජනය කරන්නට එන ආයෝජකයින්ට ඉක්මන් අනුමැතියන් ලබාදෙන මධ්‍යස්ථානයක් කරනවා. ඒ සංකල්පය එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ ද ක්‍රියාත්මක වුණා.” සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Exit mobile version