Home අද අපිට මොනවද දෙන්නේ? පෙරහැර බලන්න ආපු ජනපතිව නොසිතූ ලෙස තරුණ පිරිසක් වට...

අපිට මොනවද දෙන්නේ? පෙරහැර බලන්න ආපු ජනපතිව නොසිතූ ලෙස තරුණ පිරිසක් වට කරගනී

1241
0

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර, අද සවස සුභ මොහොතින් වීථි සංචාරය කිරීම ඇරඹුණා.

පෙරහැර මංගල්‍යය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය ද එක්ව සිටි අතර ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම විදේශිකයින් රැසක් ද අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීමට එක්ව සිටියා.

එහිදී ජනාධිපතිවරයා කිසිවකු බලාපොරොත්තු නොවුන අවස්ථාවක ජනතාව අතරට පැමිණි අතර එම අවස්ථාවේදී තරුණයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉදිරියේදී තරුණයින්ට ලබාදීමට කටයුතු කරන්නේ කුමක්ද යන්න ප්‍රශ්න කර සිටියා.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ මේ වනවිටත් අහාර සහ ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා බිහිකිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අතරම ඉදිරියේදී තවත් රුපියල ශක්තිමත් කිරීම තුළින් තරුණ තරුණියන්ට මෙන්ම මෙරට ජනතාවට සහන ලබාදීමට හැකියාව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Previous articleපාදඩ දේශපාලනයේ නිරුවත හෙළිකරමින් කාදිනල් එළිපිටම නාමල් හමුවේ.!
Next articleඅනුරටවත් මටවත් හොරු අල්ලා හිරේ දාන්න බෑ” – ලාල්කාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here