Home අද සජිත් – නාමල් ඩීල් එක ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

සජිත් – නාමල් ඩීල් එක ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්

1151
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂයේ හෝ පහළ ජනතාවගේ අවශ්‍යතාවයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මෙය පොදු ජන පෙරමුණේ යම් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා සමග ගහන ඩීල් එකක් ලෙස තමන් දකින බවද ඩීල් දේශපාලනය සැමදාම නිවැරදි නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

බත්තරමුල්ලේ හෝටලයක පැවති සාකච්ඡාවකින් පසු ඒ මහතා මෙම අදහස් පල කෙරුවා.

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටත් 2022 කලාහකාරී සිදුවීම්වලටත් නාමල් රාජපක්ෂ මහතා හේතුවක් වී ඇති බවටද ඔහු චෝදනා කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට වඩා ජනතාවට තරහක් ඇත්තේ ඒ පවුලේ නාමල් රාජපක්ෂ මහතා සමඟ බවද ඇමතිවරයා කියා සිටී.

ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා තමන් මුණගැසුණු අවස්ථාවේ ‘නාමල්ට පිස්සු’ කියා කියූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Previous articleපිරිමි ක්‍රිකට් කණ්ඩායමට ගත යුතු ආදර්ශයක් ගැන විමල් පාර්ලිමේන්තුවේදී කියයි
Next articleසමගි ජන  සංධානයට කියපු තරම් අලුත් මුහුණු නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here