Home අද සමගි ජන  සංධානයට කියපු තරම් අලුත් මුහුණු නැහැ

සමගි ජන  සංධානයට කියපු තරම් අලුත් මුහුණු නැහැ

864
0

 

 

 

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේග සමඟ අලුත් දේශපාලන පක්ෂ සහ පිරිස් එක්ව සමගි ජන  සංධානය පිහිටු වීමේ අද(08දා) කොළඹදී  සිදුවිය.

ඒ අනුව අද දින සමගි ජන බලවේග සමඟ සන්ධාන ගත වුයේ 2020 මහ මැතිවරණයේදි ද සමගි ජනබලවේග පක්ෂ යටතේම පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම් , පලනි දිගම්බරම් , රාධා ක්‍රිශ්ණන්, මනෝ ගනේෂන්  යන මන්ත්‍රීවරුන්ගේ පාර්ශවයන්ය.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසුව 2022 වසරේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරාගන්නා අවස්ථාවේ සිට මේ දක්වා විපක්ෂය සමඟ කටයුතු කළ ඩලස් අලහප්පෙරුම , ජී ඒල් පීරිස්, දයාසිරි ජයසේකර ඇතුළු පොදුජන පරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින පිරිසද ඒ සඳහා එක්විය.

සිවිල් ජන සමාජය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මේ සඳහා එක්වු අතර සමගි ජන බලවේගයේම වෘත්ති සමිති නියෝජනය කරන නායකයින් කිහිපදෙනෙකුද මේ සඳහා අත්සන් තැබීමට එක්විය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ බහුතරයක් සම්බන්ධකරගනිමින් පුලුල් සන්ධානයක් ගොඩනගන බව සමගි ජනබල වේගය ප්‍රකාශ කලද නව සන්ධානය සඳහා අලුත් පක්ෂ අඩු ප්‍රමාණයක් එක්ව තිබීම කැපී පෙනෙන සාධකයක් විය.

Previous articleසජිත් – නාමල් ඩීල් එක ගැන ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්
Next articleපවිත්‍රා රාජපක්ෂ පවුල අතහැර රනිල්ගේ සහායට එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here