ආසියානු ක්රිකට් ශූරතාවට ශ්රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් කාන්තා ක්රිකට් කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ගෞරවය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද(08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
එමෙන්ම රටවෙනුවෙන් දක්ෂලෙස ක්රීඩා කළ කාන්තා ක්රිකට් කණ්ඩායම මෙරට පිරිමි ක්රිකට් කණ්ඩායමට ආදර්ශයක් වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“ආසියානු ක්රිකට් ශුරතාවය චමරි අතපත්තු නායකතුමිය ඇතුළු ක්රීඩිකාවන් ලංකාවට ගෙන ඒමට සමත්වෙලා තිබෙනවා. එම ක්රීඩා කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සුබපැතුම් එකතුකරන්න මෙය අවස්ථාවක් කරගත යුතුයි.
ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායමට පවා ආදර්ශයක් ගැනීමට හැකි මට්ටමේ ඉහළ හැකියාවක් දක්ෂතාවයක් මාතෘභුමිය වෙනුවෙන් ඔවුන් පෙන්නුම් කර තිබෙනවා. ඒ අයට පාර්ලිමේන්තුවේ අප 225නාගේම ගෞරවය හිමිවිය යුතු යැයි මම යෝජනා කරනවා. යැයි ද පැවසීය.