Home අද “දේශපාලන මතයට කලින් රට ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි” – ජනපතිට ශෙහාන්ගේ අඛණ්ඩ...

“දේශපාලන මතයට කලින් රට ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි” – ජනපතිට ශෙහාන්ගේ අඛණ්ඩ සහාය

816
0

පෞද්ගලික දේශපාලන මතයට පෙර රට ආරක්ෂා කරගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රිකයෙන් තේරී පත්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැහැදිලි නායකත්වය සහ තීන්දු තීරණ යටතේ ඉතිහාසයේ දරුණුතම අර්බුදය ජයගැනීමට කැපිපෙනෙන ප්‍රගතියක් ලබා ඇති බැවින් ඔහුගේ දැක්මට අඛණ්ඩව සහයෝගය දැක්වීමට අවශ්‍ය බවත් පෞද්ගලික දේශපාලන මතයට පෙර රට ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව සහ රටට සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගිය හැක්කේ එක්ව ගමන් කිරීමෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම අර්බුද ජයගැනීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. ඔහුගේ පැහැදිලි සහ තීරණාත්මක නායකත්වය ජාතිය ස්ථාවරත්වය සහ වර්ධනය කරා යොමු කර ඇත. එවැනි අභියෝගාත්මක කාලයකට නැවත පැමිණීම වැලැක්වීම සඳහා, ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දැක්ම සහ මුලපිරීම්වලට අඛණ්ඩව සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය වේ. අපි අපේ දේශපාලන මතයට කලින් රට ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයි. අපි එක්ව අපේ රටට සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගා ගත හැකියි.”

Previous articleපක්ෂ අතෑරලා එකතු වෙන හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා – ජනපති
Next articleකොළඹ වරායට පළමු කාර්තුවේ ඩොලර් මිලියන 50ක ආදායමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here