Home අද සාගරට ප්‍රසන්නගෙන් කුණු බැනුම්

සාගරට ප්‍රසන්නගෙන් කුණු බැනුම්

1693
0

“එක්ව ජයගමු” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරණ රැළියක් මාතර කොටුව ක්‍රීඩාංගණයේදී ඊයේ (30) දිනයේදී පැවැත්වුනා

අමාත්‍ය කාංචන විජේසේකර විසින් සංවිධානය කර තිබූ මෙම රැළියට පොහොට්ටුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විශාල මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වී සිටියා.ඒ අතර පොහොට්ටුවේ ඉදිරිපෙළ සාමජිකයන් වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය අලි සබ්රි, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, අමාත්‍ය රමේෂ් පතිරණ සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද සිටීම විශේෂයෙන් කැපී පෙනුනා.

මෙම රැළිය නිවේදන කටයුතු සඳහා පැමිණ සිටියේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) දේශපාලන රැස්වීම්වල නිවේදන කටයුතු වල නිරතවන නුවන් තාරක මහතායි.

“එක්ව ජයගමු” ප්‍රචාරක රැළියේ නුවන් තාරක මහතා නිවේදන කටයුතු කරමින් සිටියදී ඒ මහතාට හදිසියේම පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් දුරකථන ඇමතුමක් පැමිණ ඇති අතර වහාම නිවේදන කටයුතු නැවත එම ස්ථානයෙන් ඔහුට ඉවත්වීමට මහලේකම්වරයා විසින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව නිවේදන කටයුතු නවතා නුවන් තාරක එම ස්ථානයෙන් ඉවත්වීමට යාමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා ඇති අතර ඔහු එයට හේතුව අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොහොට්ටුවේ මහලේකම් අමතා ඔහුට ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා. එහිදී අමාත්‍යවරයා මහලේකම්වරයාට “තමුන්ට ඕනේ විදියට පොහොට්ටුව නටවන්න හදන්න එපා අපි මේ දේවල් කරන්නේ බැසිල් මහත්තයත් එක්ක කතා කරලා. මෙතන විකාර කරන්න තියාගන්න එපා” යනුවෙන් පවසා ඇති බව වාර්තා වනවා.

ඉන්පසු නැවත රැළිය අවසන් වනතුරුම නිවේදන කටයුතු කිරීම සඳහා නුවන් තාරක කටයුතු කර තිබෙනවා.

පොහොට්ටු සාමාජිකයින්ගේ විශාල පිරිසක් මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති ලෙස ඉදිරි වසර 5ක කාලයක් සඳහා පත්කිරීමට සුදානම්ව සිටියත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ උදයංග වීරතුංග පමණක් දිගින් දිගටම පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවට පවසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉකුත් දා කැලණියේදී පැවති ජනහමුවක් අවසානයේ ද පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා සහාය පලනොකරන බවත් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා ඇති අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එයට විරෝධය දක්වමින් කුට්ටිආරච්චි සමඟ යම්කිසි බහින්බස්වීමක් සිදුව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මාතර කොටුව ක්‍රීඩාංගණයේදී පැවති ජන රැළියට විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර මැති ඇමතිවරුන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත වතාවක් ජනාධිපතිවරණයට තරඟ කරන ලෙසද ඉල්ලා සිටියා.

Previous articleබස් ගාස්තුව පහළට
Next articleරට ගලවාගත් හැටි ජනපති පාර්ලිමේන්තුවට දැනුම්දෙයි – සමහර අයගේ ඇගේ ඉත්තෑවො දිව්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here