Home අද පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

886
0

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ.

අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත.

නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධූර කාලය පසුගිය ජූනි 26 වන දා සිට අවසන් වීම හේතුවෙන් නීතිපති ධූරය පුරප්පාඩු වී තිබිණි

ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

Previous articleඅපි හිඟා කන්නේ විධායක සභාවේ තීරණයට අනුව – මහනුවර යාචක සංගමය කොමසාරිස්ට කියයි
Next articleඅනු­රට ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා පඩි වැඩි කරන්න තිබුණා – මනූෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here