Home අද සජබෙන් නෙරපන්න හදන SF ට මාර්ෂල් තනතුර

සජබෙන් නෙරපන්න හදන SF ට මාර්ෂල් තනතුර

1948
0

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලොව ආරක්ෂණ අංශයේ ඉහළම නිලය වන “මාර්ෂල්” තනතුරක් නුදුරේදීම පිරිනැමෙනු ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (23) වාර්තා කර තිබේ.

තරු හයේ ජෙනරාල්වරයෙකු ලෙස සැළකෙන “මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ඔහු සිදුකරන ලද ඉල්ලීමක් අනුව බවයි එම ජාතික පුවත්පත තොරතුරු වාර්තා කර ඇත්තේ.

මේ අතර හිටපු යුද හමුදාපතිවරයෙකු වූ සරත් ෆොන්සේකා 2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස්කරනු ලැබීය. ඒ, අනුව ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්වීම් ලැබුණු පළමු හමුදා නිලධාරියා බවට ඔහු ඉතිහාසයට එක්විය.

මෙවර ඔහුට ලබාදීමට යෝජිත මාර්ෂල් තනතුර මෙයට කලින් ලොව ප්‍රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට ලබා දී තිබිණි.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.

කෙසේවෙතත් මේවනවිට සරත් ෆොන්සේකා මහතාට සමගි ජනබල වේගය මගින් ‌විවිධ වෙනස්කම් සිදුකරන බවත් පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහුට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා වෙලාව ලබානොදීමටත් සමගි ජනබල වේගය කටයුකු කර තිබුණි.

Previous articleරාජපක්ෂවරුන් පාලනය කිරීමට කිසිවෙකුට ඉඩක් දෙන්නේ නැහැ – බැසිල්
Next articleජනාධිපති බදාදා ජාතිය අමතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here