මේ වසරේ පළමු මාස තුනක කාලයේ දී සංචාරක කර්මාන්තයෙන් රුපියල් කෝටි 30,750ක (ඇමරිකානු ඩොලර් මිලියන 1,025) ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ඒ අනුව මේ වසරේ පළමු මාස තුනක කාලයේදී විදෙස් සංචාරකයන් 635,784 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය වර්ෂයේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 89ක වර්ධනයක් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසනවා.
මේ වසරේ පළමු මාස තුනේදී සෑම මසකම 200,000 ට වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ජනවාරි මාසයේ දී සංචාරකයන් 208,253ක් සහ පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 218,350ක් මෙරටට පැමිණ තිබේ. ඊට අමතරව පසුගිය මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 209,181ක් බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.