Home අද විපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් දෙවන වාරිකයට අදාළ IMF කාර්‍යමණ්ඩල එකඟතාවයට අත්සන්...

විපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් දෙවන වාරිකයට අදාළ IMF කාර්‍යමණ්ඩල එකඟතාවයට අත්සන් කෙරේ

1434
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කරමින් මේ බව දැනුම් දී තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.

Previous articleජනපති සහ චීන උප අගමැති අතර හමුවක්
Next articleජනපති රනිල් චීන ජනපති හමුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here