දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජයේ අවධානය යොමුවී ඇත්තේ බැංකු සහ ගනුදෙනුකරු අතර කොටස කෙරෙහි නොවන බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව බැංකු ගනුදෙනුකරුවන් කලබල නොවිය යුතු බවය.
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා,
“මේක ඔය හිතන තරම් බයවෙන්න ඕන කාරණයක් නෙමෙයි. මේකෙන් සාමාන්‍ය ජනතාවට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.”
“මම ගිහින් බැංකුවේ සල්ලි තැන්පත් කරනවා. බැංකුව ගිහින් ආණ්ඩුවට ණය දෙනවා. මේක ගනුදෙනු දෙකක්. මේ සිද්ධවෙන්නේ දෙවැනි ගනුදෙනුව. බැංකුව සහ රජය අතර තිබෙන ගනුදෙනුව.”
“භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර වෙන්න පුළුවන්.. මෙතනදි රජය කියනවා මේක දැන් අපිට ගෙවාගන්න බැහැ. ඒ නිසා පොලී අනුපාත අඩුකරමු කියලා. නැත්නම් ගෙවන්න තිබෙන කාලය වැඩිකරමු කියලා. ඕක තමයි එකඟතාවය.”
“එතනදි අපි බැංකුව සහ ගනුදෙනුකරු අතර කොටස ගැන කතා කරලා නැහැ තාම.”
“පසුගිය කාලයේ සියලුම බැංකු සාමාන්‍ය තැන්පතුකරුවන්ට පොලිය ගෙව්වේ 4% හෝ 5% යි.”
“ස්ථාවර තැන්පතුවලට තමයි 20%ට වඩා පොලිය ගෙව්වේ. ස්ථාවර තැන්පතු දාන්නේ මේ රටේ ඉතා සුළු පිරිසක්.”
“එතකොට බහුතරයකින් අපි සල්ලි අරන් තියෙන්නේ 3%, 4% හෝ 5% ට. එහෙම අරගෙන බැංකු ආණ්ඩුවට ණය දුන්නේ 30%ට වඩා වැඩියෙන්.”
“භාණ්ඩාගාර බිල්පත් 32% ට වෙනකම් ගියා. එතකොට බැංකු අතිවිශාල ලාභයක් ලැබුවා.”
“හදිසියේවත් රජය කිව්වොත් අපි පොලී ගෙවන ප්‍රමාණය අඩුකරනවා කියලා ඒකෙන් ඒ බැංකුවේ ආදායමට යම් බලපෑමක් සිද්ධවෙනවා. හැබැයි බැංකුවට තාම පුළුවන් පාරිභෝගිකයාට පොරොන්දුවූ පොලිය ගෙවන්න.”
“අපි ණය ගන්නවා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර. මේ වාර්තාවේ තිබෙනවා.. මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල විතරයි. සම්පූර්ණ භාණ්ඩාගාර බිල්පත්වලින් 62%ක් අරන් තියෙන්නේ මහ බැංකුව.” “අපේ EPF වටිනාකම දල වශයෙන් රුපියල් බිලියන 2324ක්. 2019 ශුද්ධ ලාභය බිලියන 222ක්. ඔය අරමුදලේ තිබෙන සල්ලිවලට 2020 වගේ අපි ගෙවලා තියෙන්නේ 09%ත් 10%ත් අතර පොලියක්.” “ඒ සල්ලි තමයි අපි භාණ්ඩාගාර බිල්පත්වලට 30%ක වගේ ගානකට දාලා තියෙන්නේ. මං හිතන්නේ තාමත් ජනතාවගේ පොලිය ගෙවන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ.”