උතුරේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් පැතිරීයන හඳුනා ගැනීමට නොහැකිව තිබූ රෝගය මී උණ බව ඒ පිළිබඳව සිදුකළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මියගිය පුද්ගලයන්ගේ ශරීරයෙන් ලබා ගත් කොටස් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම රෝගය නිශ්චය කරගත් බව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත් දෙනෙකු මෙලෙස මිය ගොස් තිබිණි.
ඔවුන්ගේ ශරීරවලින් ලබාගත් කොටස් කොළඹ සහ මහනුවර පරීක්ෂණාගාරවලට යොමු කර පරීක්ෂා කිරීමෙන් පසු
රෝගීන් මිය යෑමට හේතුව මී උණ බව තහවුරු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.