ලංකාවේ ආර්ථිකය අවපාතයකට තල්ලු වීම වලක්වා ගන්න නම් ජුලී නැන්දා ඉදිරියේ හඬා වැටි හෝ මේ බදු අඩු කර ගැනීම ජනපතිගේ වගකීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.
විපක්ෂයේ සිටි සමයේ ජනාධිපතිතුමා හෙම්බිරිස්සාවක් හැදුනාමත් අඬාගෙන යන්නේ ජුලී චංග් නැන්දා ලඟට බවද හිටපු මන්ත‍්‍රීවරයා සිහිපත් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මේ බව සඳහන් කර සිටියේ සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය .
” දැන්වත් අපි ඉන්දියාව ආදර්ශයට අරගෙන ඇමෙරිකාව සමග අපේ වෙළඳ පරතරය අඩු කරගෙන බදු අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් චීනය ආදර්ශයට අරගෙන නව වෙළඳපොලවල් සොයා යෑමත් නව භාණ්ඩ අපනයන වෙළඳපොලට හඳුන්වා දීමත් කළ යුතුයි