Home අද අපි එනකොට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 20ක්වත් තිබ්බේ නෑ අද ඩොලර් මිලියන...

අපි එනකොට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 20ක්වත් තිබ්බේ නෑ අද ඩොලර් මිලියන 6190 ක් තියෙනවා – නලින් හේවගේ

453
0

රට ගොඩ නගා මිස අත් නොහරින බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

රජයට තවමත් හරි ආකාරයෙන් බලය ලැබී නොමැති බවත්, රටේ පලාත් පාලන ආයතන ද ඇතුළුව මන්ත්‍රීවරුන් 9000 ක් සිටින අතර, එයින් ආණ්ඩුවට ඇත්තේ මන්ත්‍රීවරුන් 174 ක් පමණක් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේ තිබියදීත්, පසුගිය මාස 04 ක කාලය තුළ රජය දැවැන්ත වැඩ කොටසක් සිදුකළ බවද, රුපියල ශක්තිමත් කළ බවද, වංචාව, දූෂණය, හොරකම නැති කිරීමට ද සමත් වූ බවද ඔහු ප්‍රකාශ කළා.

රජය පත්වන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 20 ක් නොතිබූ බවත්, මේ වන විට භාණ්ඩාගාරය සතුව ඩොලර් මිලියන 6190 ක් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේවෙතත් නලින් හේවගේ නියෝජ්‍ය ඇමති දැනුවත්ව හෝ නොදැනුවත්ව බොරු කියන අතර 2024 සැප්තැම්බර් 21 වනදා වන විට මෙරට විදෙස් ගිනුමේ ඩොලර් බිලියන 5.5 ක් නැතහොත් ඩොලර් මිලියන 5500 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව මහ බැංකු වාර්තා සාක්ෂි දරයි

Previous articleචංග් නැන්දා ඉදිරියේ හඬා වැටි බදු අඩු කර ගන්න : ජනපති අනුරට උපදෙස් ගලයි !
Next articleප්‍රංශ සංචාරය අවසන් අගමැති හරිනි තායිලන්ත සංචාරය අරඹයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here