Home අද රාජ්‍ය මුදල් අවභාවිත කළ රාජ්‍ය නිලධාරීන් තුනක් රක්ෂිත බන්ධනාගාරයට !

රාජ්‍ය මුදල් අවභාවිත කළ රාජ්‍ය නිලධාරීන් තුනක් රක්ෂිත බන්ධනාගාරයට !

37
0

සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.

2017 සහ 2016 වර්ෂවල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති ‍ හැත්ත හතකට අදාළව රු 71,645,226.32 මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

ව්‍යාපෘති 77න් 15 ක් සිදුකර නොමැති බව අධිකරණය හමුවේ හෙළිව තිබෙන බවත්, මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කරුණු දක්වා තිබේ.

Previous articleගෝඨාභය සමයේ පැවරූ නඩුවකට SM රංජිත්ට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්!
Next articleසූර්ය විදුලි බල උත්පාදන කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here