ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පලස්තීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය දිනවලදී එල්ලවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 436 දෙනෙකු මිය ගිය අතර ඒ අතර කුඩා දරුවන් 183 දෙනෙකු ද සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ දිනයේදී එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70 දෙනෙකු මිය ගොස් තිබේ.
කෙසේ වෙතත් හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් දැඩි කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.