ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් මහනුවර නගරය සහ අවට පාසල් මෙම 21 සිට 27 වැනිදා තෙක් වසාද තැබීමට රජය තීරණය කරඇත.
ශ්‍රී දළදා ප්‍රදර්ශනය මෙම 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ආරක්ෂාව සඳහා පිටස්තර ප්‍රදේශවලින් මහනුවරට කැඳවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ගේ නවාතැන් මෙම පාසල්වල ලබාදීමට පියවර ගෙන තිබේ.
මේ අතරය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන සැදැහැවතුන් ගේ පහසුව සඳහා පිවිසුම් මාර්ග තුනක් ස්ථාපිත කර ඇත.
ඩී.එස්.සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පළමු ප්‍රවේශ මාර්ගය විවෘතව ඇත.
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් දෙවන ප්‍රවේශය විවෘතව ඇත.
තෙවන ප්‍රවේශය විවෘතව ඇත්තේ රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස ) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක්ය.