Home අද බටලන්ද කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට : නෛතික ප්‍රතිපාදන ගැනත් හෙළිවෙයි !

බටලන්ද කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට : නෛතික ප්‍රතිපාදන ගැනත් හෙළිවෙයි !

98
0

බටලන්ද කොමිසමේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ නිවේදනය නිකුත්කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනය අනුව බටලන්ද කොමිසමේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Departmento of Government Information 2025.03.14 2025. ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (පුවෘත්ති/ ප්‍රවෘත්ති කළම්නාකරු වෙබ අඩවි කර්තෘ සහා වාර්තාව বड़ ද(මාර්තු 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ទហាងង යොදා ඇත. ඔව්ලන්ද කොමිෂන් పబి වාර්තාව අද ሩ දින (මාර්තු 14)g ලංකා පාර්ලිමේන්තුව එේක ඉදිරිපත් කිරීමේ කවයුකු ಆವ.ರಜದ. ේ. බන්ඩාර పధంజీ ප්‍රවෘත්ති අධ්‍යකෂ ජනරාල් දුරකරන ලංකය 513638 -0112 514753 වදයුක් ලිපිනය dgi@dgi.gov.lk 163. නිරුලපහ මාවත. කොලඹ 5, கிரலபன สดเรีย கொழம்பு 163, Kirulapona Avenue, Colombo ලංකාව. ತ್ರೀಜಯಸನಾಹಿ SriLanka. 1)2515759 dgadgi gov.ik www.dg gov.lk www.news.lk'

කෙසේ වුවත් බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු පවසා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් බටලන්ද කොමිසම පත්කර තිබෙන්නේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව බවයි.
නමුත් බරපතල ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද අයෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නම් ඒ සඳහා 1978 අංක 07 දරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ කොමිසමක් පත් කළයුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඔහුට තවත් දඬුවම් කිරීමට නම් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ යුත්‍තේ 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ කොමිසමක් පත් කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

එසේ නොමැති නම් එය තවත්  එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් වන බවද ඔහු පෙන්වා දුන්නේය

 

Previous articleඉතිහාසයේ පළමු වරට ‘ගරු මන්ත්‍රීතුමා’ කියලා කියන්න පුළුවන් අපිටයි – සුනිල් වටගල
Next articleසටන් විරාමයක් සඳහා පුටින්ගෙන් කොන්දේසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here