බටලන්ද කොමිසමේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තා වෙයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ නිවේදනය නිකුත්කර ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනය අනුව බටලන්ද කොමිසමේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
කෙසේ වුවත් බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු පවසා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් බටලන්ද කොමිසම පත්කර තිබෙන්නේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව බවයි.
නමුත් බරපතල ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද අයෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නම් ඒ සඳහා 1978 අංක 07 දරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ කොමිසමක් පත් කළයුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඔහුට තවත් දඬුවම් කිරීමට නම් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ යුත්‍තේ 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ කොමිසමක් පත් කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
එසේ නොමැති නම් එය තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් වන බවද ඔහු පෙන්වා දුන්නේය