Home අද පොහොට්ටුව පුංචි ඡන්දෙට ඇප තියයි

පොහොට්ටුව පුංචි ඡන්දෙට ඇප තියයි

34
0

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ සටන අරඹමින් ඇප මුදල් තැන්පත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිස අද පෙරවරුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනය 17 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළහ.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නායකයින්.පක්ෂ ක්‍රියාකාරීන්. පාක්ෂිකයන් ඇතුළු පිරිසක් අද උදෑසන කළුතර බෝධින් වහන්සේ අබියසට පැමිණ එහි පැවති විශේෂ ආගමික වැඩසටහනෙන් අනතුරුව ඇප තැන්පත් කිරීම සිදුකර ඇත.

Previous articleරිලවු ගණින නැකතේ අවුලක් : වෙන වෙලාවක් ග්‍රාම නිලධාරීන් ඉල්ලයි !
Next articleඅපි සමඟ කරන කිසිම යුද්ධයකින් ඇමරිකාවට ජයගත නොහැකියි – චීනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here