Site icon Newshub

පොහොට්ටුව පුංචි ඡන්දෙට ඇප තියයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ සටන අරඹමින් ඇප මුදල් තැන්පත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිස අද පෙරවරුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනය 17 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළහ.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නායකයින්.පක්ෂ ක්‍රියාකාරීන්. පාක්ෂිකයන් ඇතුළු පිරිසක් අද උදෑසන කළුතර බෝධින් වහන්සේ අබියසට පැමිණ එහි පැවති විශේෂ ආගමික වැඩසටහනෙන් අනතුරුව ඇප තැන්පත් කිරීම සිදුකර ඇත.

Exit mobile version