Home අද දළඳා මාලිගාවටයි පාර්ලිමේන්තුවටයි බෝම්බ ගහපු ජවිපෙ ළඟ තියෙන ආයුධ 2136ත් වහාම බාර...

දළඳා මාලිගාවටයි පාර්ලිමේන්තුවටයි බෝම්බ ගහපු ජවිපෙ ළඟ තියෙන ආයුධ 2136ත් වහාම බාර දෙන්න – දයාසිරි

77
0

ජනතා විමුක්ති පෙරමුණ තවමත් භාර නොදුන් අවි ආයුධ 2136 ක් තිබෙන බවත් වහාම එම ආයුධ භාරදීමට කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කළේය.

අයවැය විවාදයට එක්වෙමින් මෙම ඉල්ලීම කළ දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියායා සිටියේ දළදා මාළිගාවට පමණක් නොව පාර්ලිමේන්තුවටද බෝම්බ ගැසුවේ ජනතා විමුක්ති පෙරමුණ බවයි.

අද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තිබෙන බැවින් එම ආයුධ භාරදීම සඳහා වහාම පියවර ගන්නා ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

” දෛවයේ සරදමක් මෙන් මේ රටේ මුදුන් මල්කඩක් බඳු ශ්‍රී දළදා වහන්සේට එදා පහර දුන් ජනතා විමුක්ති පෙරමුණට අද සිදුව තිබෙනවා ඒ අයගේ පාලනයක් යටතේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට.

ජනතා විමුක්ති පෙරමුණ තවමත් ආයුධ භාර දී නැහැ. සමස්තයක් ලෙස ගෙන බැලුවොතින් තවමත් ජනතා විමුක්ති පෙරමුණ භාර නොදුන් අවි 2136 ක් තිබෙනවා ඒවා කොහේ තියෙනවද කියා තවමත් දන්නේ නැහැ. කවුරු හරි අතේ තිබෙනවා නම් ඒ අවි කරුණාකර භාර දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

මේ පාර්ලිමේන්තුවේ සේවකයන් ඉස්සර සේවයට එන විට කෑම එකක් රැගෙන ආවා. නමුත් ඇයි ඒ සේවකයින්ට කෑම එක ගේන්න එපා කිව්වේ එදා අජිත් කුමාර කෑම පාර්සලේ බෝම්බ සඟවාගෙන ඇවිත් තමයි මේ පාර්ලිමේන්තුවට පහර දුන්නේ.

අපි සියලු දෙනා එක්ව තීරණයක් ගමු නැවත පාර්ලිමේන්තුවට එන විට කෑම ගේන්න මමත් කෑම එකක් අරගෙන පාර්ලිමේන්තුවට එන්නම් ” යැයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.”

Previous articleබද්දේගමදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු මරුට
Next article‘සුලෝහිත සංග්‍රාමය’ හා ”මොරටු රන් මහා සටන” අද ආරම්භ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here